විදෙස්

උතුරු කොරියාව ගොඩනගන්න ඇමෙරිකාව සුදානම්

(UTV|ඇමෙරිකාව) – උතුරු කොරියානු ආර්ථිකය යළි ගොඩනැගීමට සහාය වන බව ඇමරිකාව පවසයි.

ඒ න්‍යෂ්ටික අවි අත්හැරීමට එකඟ වන්නේ නම් පමණි.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සඳහන් කළේ දකුණු කොරියානු මිතුරන් මෙන් උතුරු කොරියාවට සශ්‍රීකත්වය උදාකරලීම සඳහා ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීමට ඇමරිකාව සූදානම් බවයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා, දකුණු කොරියානු  විදේශ අමාත්‍ය කෑන් කියුං සමඟ වොෂින්ටනයේදී ඊයේ සාකච්ඡා පවත්වා තිබේ.

ඉන් අනතුරුව ඔහු කියා සිටියේ කොරියානු අර්ධද්වීපය මුළුමනින්ම න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් කිරීම සඳහා දෙපාර්ශවයේ එකඟ වී ඇති බවයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර හමුවක් ලබන ජුනි 12 වන දා සිංගප්පූරුවේදී පැවැත්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාලදිවයින පළමු කොරෝනා වෛරස් ආසාදිතයන් හමුවෙයි

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි මැඩලීමට අමතර භටයින්

Mohamed Dilsad

උතුරු අප්‍රිකාවේ අල්ඛයිඩා නායක මිය යයි

Mohamed Dilsad

Leave a Comment