ප්‍රමුඛ පුවත 1

සමූපකාරය ඩිජිටල් යුගයට පිවිසිය යුතුයි – අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

(UTV| කොළඹ) – සමූපකාරය ඩිජිටල් යුගයට පිවිසිය යුතු කාලය එළැඹ ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කෙළේ, කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ ඊයේ (10) පැවැති සමුපකාර සමිති නායකයින්ගේ සමුළුවේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

සමූපකාර අලෙවිසැල් ජාලය හා සුපිරි මෙගා අලෙවිසැල් ජාලය නවීන තාක්ෂණය ඇතුළු පහසුකම්වලින් පිරිපුන් මහජනතාව ආකර්ෂණය කර ගන්නා පාරිභෝගික සේවා ආයතන බවට පත් කළ යුතු යැයි ද මේ වන විට එම තරගකාරී වෙළෙඳපොළ තම අනන්‍යතාව රැකගෙන ඉදිරියට යන්න සමූපකාර ව්‍යාපාරය ශක්තිමත් වී තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුනි.

පහසු මිලට පාරිභෝගික භාණ්ඩ හා සේවය සලසන සමූපකාරය තවත් සුහදශීලීව සහ ගුණාත්මකව තම සේවය සැලසීමට එම කාර්යය මණ්ඩලය වග බලා ගත යුතු බව පෙන්වාදුන් අමාත්‍යවරයා සමූපකාර සමිති සතු ඉන්ධන පිරවුම්හල් එම සමිතිවල ප‍්‍රධාන ආදායම් මාර්ග බවට පත්වී තිබෙන අතර ම සමූපකාර  සේවකයින්ගේ ඵළදායීතාව ඉහළ දැමීමට පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු යැයි ද පෙන්වා දුනි.

මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් කේ. පියරත්න, සමුපකාර සංවර්ධන කොමසාරිස් හා සමූපකාර සමිති රෙජිස්ට‍්‍රාර් එස්.එල්. නසීර්, ජාතික සමූපකාර මණ්ඩලයේ සභාපති ලලිත් පීරිස්, ග‍්‍රාමීය බැංකු මහා සංගමයේ සභාපති ධම්මික සොලමන්, පාරිභෝගික සමිති සම්මේලනයේ සභාපති රුවන් බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු මහත්ම මහත්මීන් සහභාගී වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතා දිවුරුම් දෙයි

Mohamed Dilsad

ඌව පළාත් ආණ්ඩුකාරවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි

Mohamed Dilsad

වැසි තත්ත්වයේ වැඩි වීමක්

Mohamed Dilsad

Leave a Comment