ප්‍රමුඛ පුවත 1

විශ්‍රාමික රේගු පරීක්ෂයෙකු රත්‍රන් සමඟ අත්අඩංගුවට

(UTV| කොළඹ) – කටුනායක ගුවන්තොටුපළ රේගු පරිශ්‍රයට ඇතුළු වී  නීතිවිරෝධි ලෙස රන් ආභරණ තොගයක් පිටතට රැගෙන යාමට උත්සහ කළ  විශ්‍රාමික රේගු පරික්ෂයකු අතදන්ගුවට් ගැනේ.

සැකකරු සතුව තිබී කිලෝ 2.5 බරැති රන් ආභරණ අද(10) උදැසන සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි.

සැකකරු  රේගු පරිශ්‍රයට  ඇතුළු වී බදපටියක් තුළ රන් ආභරණ තොගය ඉතා සූක්ෂම අයුරින් සඟවා ගුවන්තොටුපළීන් පිටවීමට  උත්සහ දරා ඇති අවස්ථාවේදී ගුවන්තොටුපළ කාර්ය මණ්ඩල ගේට්ටුව අසලදී රේගු නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එහි තිබී  මාල ,වළළු,කර පලදනා  ඇතුළු රන් ආභරණ සොයා ගැනුණු අතර එහි වටිනාකම රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂ පනස් හතර දහසකි.

ඔහු හිටපු විශ්‍රාමික රේගු පරික්ෂකවරයෙකු වන අතර 65 හැවිරිදි  ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ ක්‍රියාත්මකයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රජයේ මාධ්‍ය ආයතන නව ප්‍රධානීන් සඳහා පත් වීම් ලිපි භාර දෙයි

Mohamed Dilsad

ශිත කාලගුණ තත්ත්වයේ වෙනසක් නෑ.

Mohamed Dilsad

පාරිභෝගික නීති කඩකළ පංචිකාවත්තේ වෙළෙඳ සැල් 30කට නීතිමය පියවර

Mohamed Dilsad

Leave a Comment