ප්‍රමුඛ පුවත 1

අනතුරකින් දෙදෙනෙකු මරුට

(UTV| පොළොන්නරුව) – හබරන ,මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද ප්‍රදේශයේදී කැබ් රථයක් සහ ලොරි රථයක් ඇළකට පෙරලීයාමෙන් කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු මියගොස් තවත් 9 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරේ.

පොලීසිය සදහන් කළේ වන අලියෙකු පාර හරහා ගමන් කිරීම හේතුවෙන් කැබ් රථය එම ස්ථානයේම නතර කර ඇති අතර ඊට පසුපසින් පැමිණි ලොරිය, කැබ් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

කැබ් රථයේ ගමන් කර ඇත්තේ වත්තල ප්‍රදේශයේ සිට අලූත් අවුරුදු සැමරීම සදහා වාලච්චේන ප්‍රදේශයේ ඥාතී නිවසකට යමින් සිටි පිරිසකි.

කැබ් රථයේ රියදුරා ඇතුලු පුද්ගලයන් 17 දෙනෙකු ගමන්කර ඇත.

සිද්ධියෙන් මියගිය කැබ් රථයේ ගමන් කළ කාන්තාවගේ වයස අවුරුදු 60 ක් වන අතර, මියගිය අනෙක් පුද්ගලයා එළවළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරියේ ගමන් කළ රිය සහායකයායි.

මෙම අනතුරෙන් තුවාල ලැබූ 9 දෙනාගෙන් දෙදෙනෙකු වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර අනෙක් 7 දෙනා පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාප විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමක්

Mohamed Dilsad

කොතලහිඹුටු දැව සමග විදේශිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

Mohamed Dilsad

නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන් ගැසට් කරයි…

Mohamed Dilsad

Leave a Comment