ක්‍රීඩා

ජයග්‍රාහී බොක්සිං කණ්ඩායම දිවයිනට

(UTV| කොළඹ) – 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට එක් වූ ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම යළි දිවයිනට පැමිණියේය.

ඔස්ට්‍රේලියාවේ, ගෝල්ඩ් කෝස්ට් නුවර පැවැති 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව 31 වැනි ස්ථානයට පත් විය.

ඒ, එක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 5ක් ද සමගින් මුළු පදක්කම් 6ක් දිනා ගනිමින් ය.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලකදී මෙරට දිනූ ඉහළම පදක්කම් සංඛ්‍යාව ද මෙය වේ.

එමෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලකදී බොක්සිං ක්‍රීඩාවෙන් මෙරට දිනූ ඉහළම පදක්කම් සංඛ්‍යාව ද මෙවර වාර්තා වීම විශේෂත්වයකි.

බොක්සිං ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් 3ක් හිමිවිය.

තරගාවලි ඉතිහාසයේ 1950 වසරට පසුව පළමු වරට මෙරටට පදක්කමක් දිනා දීමට බොක්සිං ක්‍රීඩිකා අනූෂා කොඩිතුවක්කු සමත් වූවා ය.

ඇය ඉතිහාසයට එක් වූයේ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රිඩා උළෙලදී බොක්සිං ඉසව්වෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා දුන් පළමු ක්‍රීඩිකාව ලෙස ය.

තිවංක රණසිංහ සහ ඉශාන් බණ්ඩාර ද මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රිඩා උළෙලේදී බොක්සිං ඉසව්වෙන් ලෝකඩ පදක්කම් දිනා දුන්නේය.

 

Related posts

බාබර් අසාම් ඇතුළු කණ්ඩායම ජුලි 6 දිවයිනට

Mohamed Dilsad

ග්ලෙන් පිලිප්ස් පළමු වරට ටෙස්ට් තරගාවලියකට

Mohamed Dilsad

උමාර් අක්මාල්ට වසර 3 ක තහනමක්

Mohamed Dilsad

Leave a Comment