ප්‍රමුඛ පුවත 1

ඉන්දියාවෙන් රැගෙන ආ කේරල ගංජා තොගයක් සොයා ගනී

(උදයම්,පුත්තලම)  –  කේරළ ගංජා කිලෝග්‍රෑම් 147 ක් සමඟ පුද්ගලයෝ තිදෙනෙක් අත්අඩංගුවට ගැනෙති.

ආණමඩුව – පල්ලම ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබියදී මෙම කේරල ගංජා තොගය සොයාගෙන තිබේ.

පුත්තලම නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධනට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.

ඉන්දියාවේ සිට මෙරටට රැගෙන විත් ඇති මෙම කේරළ ගංජා තොගය පසුව වලදමා සගවා තිබු බව මූලික පරීක්ෂණවලදී අනාවරණ විය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හලාවත – මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද හෙළිවී ඇත.

සැකකරුවන් සම්බන්දයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Related posts

උත්සව සමය ‍වෙනුවෙන් 20 වැනිදා සිට විශේෂ බස්රථ සේවා..

Mohamed Dilsad

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාළගුණයක්.

Mohamed Dilsad

බන්ධනාගාරයේ රැඳවියන් 19 දෙනෙකු ආහාර වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment