ප්‍රමුඛ පුවත 1

“ඊ මෝටරින්” ක්‍රමය ළඟදීම

(උදයම්,කොළඹ)  –  ආනයනය කළ මෝටර් රථයක් ධාවනය සඳහා යොදවනතුරු ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු සුදානම් කෙරේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කලේ “ඊ මෝටරින්” ලෙස මෙම වැඩසටහන හදුන්වා දෙන බවය.

මෝටර් රථයක් ආනයනයේදීම එහි සියලූ විස්තර පරිගණක පද්ධතියට ඇතුළත් කරනු ලබයි.

වාහන හිමිකරු සිය වාහනය වෙනත් පුද්ගලයෙකුට අලෙවි කිරීමන් පසු නව ලියාපදිංචිය සඳහා එම ගැනුම්කරු අන්තර්ජාලය ඔස්සේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා සම්බන්ධ විය යුතුය.

මෙම “ඊ මෝටරින්” ක්‍රමය දැනටමත් හම්බන්තොට වරායේ සිදු කෙරෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසීය.

Related posts

නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන් ඇතුළත් ගැසට් පත්‍රය ජනපතිට

Mohamed Dilsad

ජනපති ඉන්දීය අගමැතිට සුබ පතයි

Mohamed Dilsad

පවත්නා ගංවතුර තත්වය සමග රෝග පැතිර යාමේ අවදානමක්

Mohamed Dilsad

Leave a Comment