ප්‍රමුඛ පුවත 1

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට ජනපතිගෙන් සුබපැතුම්

(UTV| කොළඹ) – ජාත්‍යන්තර කීර්තිධර මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 99 වන ජන්ම දිනය අදට යෙදී තිබෙන අතර, ඒ නිමිත්තෙන් ඊයේ (05) උදෑසන තිඹිරිගස්යායේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත ගිය ජනාධිපතිතුමා සිය ජන්ම දින සුබපැතුම් පිළිගැන්වීය.

අනතුරුව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සුවදුක් විමසමින් සුහද කතා බහක නිරත වූ ජනාධිපතිතුමා ඒ මහතා වෙත නිදුක් නිරෝගි සුවය ප‍්‍රාර්ථනා කළේය.

එමෙන්ම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සහ සුමිත‍්‍රා පීරිස් මහත්මිය සමග එක්ව කේක් කපා ජන්ම දිනය සැමරීමට ද ජනාධිපතිතුමා එක්විය.

දේශීය සිනමාව අන්තර්ජාතික කීර්තියට පත් කිරීමට සිය නිර්මාණ දායකත්වය සැපයූ ජ්‍යෙෂ්ඨතම ලාංකේය සිනමාකරුවා වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඉටු කළ මෙහෙවර අගයමින් ඒ මහතාගේ වෛද්‍ය ප‍්‍රතිකාර කටයුතු ඇතුළු සෙසු වියදම් සඳහා විශේෂ මාසික දීමනාවක් ලබාදීමට ජනාධිපතිතුමා පසුගියදා කැබිනට් අනුමැතිය ලබා ගන්නා ලදී.

යුග මෙහෙවරක් ඉටුකළ යුග පුරුෂයෙකුට පමණක් පිරිනැමෙන මෙම විශේෂ මාසික දීමනාවට අදාළ ලිපි ලේඛන සහ ඊට අදාළ පළමු චෙක්පත ද මෙහිදී ජනාධිපතිතුමා අතින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වෙත පිළිගැන්විණි.

අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ආචාර්ය සෝමරත්න දිසානායක, රේනුකා බාලසූරිය යන මහත්ම, මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවේ

Mohamed Dilsad

රණවිරු උද්ඝෝෂකයන්ට තහනම් නියෝගයක්

Mohamed Dilsad

ඉන්දීය අගමැති අද දිවයිනට

Mohamed Dilsad

Leave a Comment