ප්‍රමුඛ පුවත 1

නියෝජ්‍ය ඇමති රන්ජන් අල්ලස් කොමිසමට

දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට එරෙහිව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අද (03) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට  පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පසුගියදා දිවුලපිටිය ප්‍රදේශයේ පස් කැපීමේ සිදුවීමක් ආශ්‍රය කොට ගෙන රංජන් රාමනායක මහතා හා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් අතර දුරකථනයෙන් බහින්බස්වීමක් සිදුවිය.

එහිදී තමාට එරෙහිව චෝදනා ඇත්නම් ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකළ යුතු බව ප්‍රාදේශීය ලේකම්වරිය විසින් පවසන ලදී.

ඒ අනුව අදාළ චෝදනා සම්බන්ධයෙන් කරුණු සහිතව තමන් විසින් අද දිනයේ ප්‍රාදේශීය ලේකම්වරියට එරෙහිව පැමිණිල්ලක් සිදුකළ බව රන්ජන් රාමනායක මහතා සඳහන් කළේය.

Related posts

විශ්ව විද්‍යාල ආරම්භය පිළිබඳව අවසන් තීරණය අද

Mohamed Dilsad

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Mohamed Dilsad

විමල් වීරවංශ ඇතුළු සැකකරුවන් 6 දෙනෙකුට පොලිසියෙන් පැමිණිල්ලක්

Mohamed Dilsad

Leave a Comment