ප්‍රමුඛ පුවත 1

විමල් වීරවංශ ඇතුළු සැකකරුවන් 6 දෙනෙකුට පොලිසියෙන් පැමිණිල්ලක්

(UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු සැකකරුවන් 6 දෙනෙකුට එරෙහිව කුරුඳුත්ත පොලීසිය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට සංශෝධිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පළ කර 2016 වසරේ පෙබරවාරි මස 6 වන දා කොළඹ බෞද්ධාලෝක මාවතේ මහජනතාවට පීඩාවක් වන අයුරින් විරෝධතාවක් පැවැත්වීම සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

ඒ පිළිබඳ නියෝගය ලබන නොවැම්බර් මස 12 වන දා ලබාදීමට නියමිතය.

මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විත්ති පාර්ශ්වයට නියෝග කළේ, ලබන නොවැම්බර් 12 වැන දා ට සතියකට පෙර ලිඛිත විරෝධතා ගොනු කරන ලෙසය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දේශපාලන කටයුතුවලට ළමයි යොදා ගැනීමෙන් වළකින්න – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

Mohamed Dilsad

දූෂිතයින්ට නොකිලිටි දේශපාලන ගමනක් සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග එකම වේදිකාවකට පැමිණිය නොහැකි බව ජනපති පවසයි.

Mohamed Dilsad

අද පෙරවරුවේ කැබිනට් රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment