ප්‍රමුඛ පුවත 1

ජාතික ඒකාබද්ධතා සහ ප‍්‍රතිසන්ධාන අමාත්‍යාංශයේ කටයුතු ජනපති අධීක්ෂණය කරයි

(UTV| කොළඹ) – ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (29) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි ජාතික ඒකාබද්ධතා සහ ප‍්‍රතිසන්ධාන අමාත්‍යාංශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

විෂය භාර අමාත්‍යවරයා ලෙස අමාත්‍යාංශය වෙත ගිය ජනාධිපතිතුමා එහි කටයුතු අධීක්ෂණය කළ අතර, අමාත්‍යාංශයේ පසුගිය කි‍්‍රයාකාරකම් සහ ඉදිරි සැලසුම් පිළිබඳව ද විමසා බැලීය.

පසුගිය තෙවසර තුළ අමාත්‍යාංශය විසින් කි‍්‍රයාත්මක කරන ලද ජාතික වැඩසටහන්වල ප‍්‍රගතිය සහ ඉදිරි වසරවලට අදාළ සැලසුම් පිළිබඳ ලිපි ලේඛන ද මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානයට ලක් කෙරිණි.

අනතුරුව අමාත්‍යාංශ පරිශ‍්‍රයේ නිරික්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා කාර්ය මණ්ඩලයේ ද තොරතුරු විමසමින් සුහද කථා බහක නිරත විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අගමැතිගේ ප්‍රධානත්වයෙන් අදත් වතු වැටුප් පිළිබද සාකච්ඡා…

Mohamed Dilsad

ඉන්ධන පිරවුම් හලක් කොල්ලකයි

Mohamed Dilsad

ඉන්දීය පළමු විදේශිය පරීක්ෂණය සඳහා මෙරට පාස්කු ප්‍රහාරය තෝරාගනී

Mohamed Dilsad

Leave a Comment