ප්‍රමුඛ පුවත 1

පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ගොවි ජනතාවට නීත්‍යානුකූල ඉඩම් ඔප්පු ප‍්‍රදානය අද

(UTV|පොළොන්නරුව) – දිවයිනම සමෘද්ධිමත් කරමින් රටට බත සපයන ගොවි ජනතාව වෙත තමන් දීර්ඝ කාලයක් පුරා භුක්ති විඳින ඉඩම් කොටසේ නීත්‍යානුකූල අයිතිය ලබාදෙමින් දිවයින පුරා ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ගොවි ජනතාව වෙත ඉඩම් ඔප්පු 1053ක් බෙදාදීමේ වැඩසටහන ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදී පැවැත්වේ.

තමන්කඩුව, ලංකාපුර, පොළොන්නරුව, ඇලහැර සහ මැදිරිගිරිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගොවි ජනතාව වෙනුවෙන් මෙම ඉඩම් ඔප්පු ප‍්‍රදානය සිදු කෙරේ.

ඊට සමගාමීව ශ‍්‍රී ලාංකීය බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා විහාරස්ථාන 03කට පූජා භූමි ඔප්පු ප‍්‍රදානය කිරීමත්, ආගමික සංහිඳියාව පුළුල් කරමින් ඉස්ලාම් දේවස්ථානයකට භූමිය වෙන්කර දීමත්, රජයේ කාර්යාල පිහිටි ඉඩම්වල එම කාර්යාලවල කළමනාකරණය කාර්යක්ෂම කිරීම සඳහා ඉඩම් පැවරුම් 14 ක් ලබාදීම සහ, පාසල් පද්ධතියේ උන්නතිය උදෙසා පාසල් සඳහා ඉඩම් ලබාදීම ද සිදු කෙරේ.

ඉදිරියේදී  මෙම ජාතික වැඩසටහන කාර්යක්ෂමව, දීප ව්‍යාප්තව කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දකුණු ආසියාවේ විද්යුත් මාර්ගෝපදේශනය

Mohamed Dilsad

නායයාම් අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ

Mohamed Dilsad

සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

Mohamed Dilsad

Leave a Comment