ප්‍රමුඛ පුවත 1

මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්වයක්

(UTV|නුවරඑළිය) – මස්කෙළිය ප‍්‍රාදේශිය සභාවේ අද(28) උදෑසන නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති විය.‍

ඒ එහි සභාපතිවරයා තේරිම සුදානම් වූ අවස්ථාවේදීය.
එම නොසන්සුන්කාරි තත්ත්වය පාලනය කිරිමට හැටන් කැරලි මර්දන ඒකකය ද කැඳවිමට පොලීසියට සිදු වී ඇත.
එක්සත් ජාතික පක්ෂයේ එම සභාවට තේරිපත් වී ඇති මන්ති‍්‍රවරියක් සභාවට නොපැමිණිම හේතු කොට ගෙන එය ප‍්‍රතිවිරුද්ධ කණ්ඩායමක් විසින් අදාළ මන්ත්‍රීවරිය සඟවා ගෙන ඇතැයි එක්සත් ජාතිකපක්ෂයේ පලනි දිගම්බරම් මහතාගේ ආධාරකරුවන් විසින් චෝදනා කිරීමත් සමඟ මෙම තත්ත්වය උද්ගත වූ බව අප වාර්තාකරු පැවසීය.
පවත්නා තත්ත්වය හමුවේ එම සභාපතිවරයා තේරීම් ශාලාවට දැඩි පොලිස් ආරක්‍ෂාවක්ද යොදවා ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

දකුණු ආසියාවේ හොඳම ශල්‍ය වෛද්‍ය කණ්ඩායමට හිමි සම්මානය ශී‍්‍ර ලංකාවට…

Mohamed Dilsad

මැතිවරණය ප්‍රකාශ කිරීමට අනන්‍යතාවය තහවුරු කිරීම අනිවාර්යයි – මැතිවරණ කොමිෂම

Mohamed Dilsad

Leave a Comment