ක්‍රීඩා

ඕස්ට්‍රේලියානු නායකයාට ටෙස්ට් තරඟ තහනමක්

(UTV| කොළඹ) –  ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත්ට දඬුවම් වශයෙන් ටෙස්ට් තරඟයක් තහනම් කර තිබේ.

ඒ දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟයේදී පන්දුව පළුදු කිරීමේ සිද්ධියටය.

ඊට අමතරව සම්පුර්ණ තරඟ මුදල කපා හැරීමටයි අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.

මේ අතර පන්දුව පළුදු කිරීමේ චෝදනා ලැබූ කැමරන් බැන්ක්‍රොෆ්ට්ට තරඟ ගාස්තුවෙන් සියයට 75ක මුදලක් කපා හැරීමටය ICCය පියවර ගෙන ඇති බව ක්‍රීඩා වාර්තා පවසයි.

තරඟය අතර තුර පන්දුව පළුදු කළ බව පිළිගත් ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් සහ උපනායක ඩේවිඩ් වෝනර් එම තනතුරුවලින් ඉල්ලා අස්වුණි.

ස්මිත් නායකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ඉදිරි තරඟ සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වයට කඩුලු රකින ක්‍රීඩක ටිම් පේන් පත් කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් පියවර ගත්තේය.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට් පන්දුව පළුදු කරන අයුරු පිළිබඳව මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යවල අවධානය යොමුව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාලිංගගෙන් කරුණු විමසීමට සුදානම්

Mohamed Dilsad

දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්

Mohamed Dilsad

නවසීලන්තයේ ක්‍රීඩා ඉසව් යළි ආරම්භ කිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment