ප්‍රමුඛ පුවත 1

පොලිස් බුද්ධි අංශයේ කොස්තාපල්වරයෙකුට වෙඩිප්‍රහාරයක්

(UTV| කතරගම) – තංගල්ල පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරන පොලිස් බුද්ධි අංශයේ කොස්තාපල්වරයෙකුට අද (21) උදෑසන වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව පොලිසිය පවසයි.

සිය සේවා ස්ථානය බලා යාමට පැමිණි අවස්ථාවේ කතරගම ප්‍රදේශයේදී ඔහු මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව වාර්තාවේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කොස්තාපල්වරයා කතරගම දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දෙඹරවැව මූලික රෝහලට ඇතුලත් කර ඇත.

ත්‍රී රෝද රථයකින් පැමිණී පිරිසක් වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නරක් වූ දියර කිරි ලීටර් දසදහසක් දික්ඔය ඇලේ

Mohamed Dilsad

හේමසිරි ප්‍රනාන්දු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට

Mohamed Dilsad

සැප්තැම්බර් 26 සිට ඔක්තෝබර් 02 දක්වා ජාතික මදුරු මර්දන සතියක්

Mohamed Dilsad

Leave a Comment