ප්‍රමුඛ පුවත 1

නරක් වූ දියර කිරි ලීටර් දසදහසක් දික්ඔය ඇලේ

(උදයම්,නුවර එළිය)  – නරක් වූ දියර කිරි ලීටර් දසදහසක් පමණ කාසල්රි ජලාශයට එක් කිරීමෙන් ජලය අපවිත්‍රවීම සහ ප්‍රදේශය තුළ දැඩි දුර්ගන්ධයක් පවතින බව ප්‍රදේශවාසීන් පවසයි.

හැටන් දික්ඔය දරවල ප්‍රදේශයේ පෞද්ගලික දියරකිරි එකතු කර බෙදාහරින මධ්‍යස්ථානයක පාවිච්චියට නුසුදුසු කිරි දික්ඔය ඇල මාර්ගයට මුදාහැර තිඛෙන බව වාර්තාවේ.

දියරකිරි එකතු කිරිමේ මධ්‍යස්ථානයේ සිට කාසල්රි ජලාශයට කිලෝමීටර් දෙකක් පමන ජලය ගලා බසින දික්ඔය ඇල මාර්ගයයි මෙසේ අපවිත්‍ර වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය සහ කාසල්රි ජලාශ ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/KASALREE-123-UDM-SIN.jpg”]

Related posts

දෙමටගොඩ නිවසක් ගිනි ගනී

Mohamed Dilsad

ඥාණසාර හිමියන්ට දඩුවම් නියම කිරීම අද

Mohamed Dilsad

ඉන්ධන මිල ඉහළට.

Mohamed Dilsad

Leave a Comment