ප්‍රමුඛ පුවත 1

ඥාණසාර හිමියන්ට දඩුවම් නියම කිරීම අද

(UTV| කොළඹ) –  බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට දඩුවම් නියම කිරීම අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදුකිරීමට නියමිතය.

ඒ හෝමාගම අධිකරණය තුළදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට මරණීය තර්ජන එල්ල කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙනි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ඥාණසාර හිමියන් අදාළ චෝදනාවලට වරදකරු බව තීරණය කළ හෝමාගම මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු උදේෂ් රණතුංග උන්වහන්සේට දඩුවම් නියම කිරීම අද(14) දක්වා කල් තබනු ලැබීය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව දැනට රිමාන්ඞ් භාරයට පත් කොට ඇති යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් 9 දෙනෙකු හෝමාගම මහේස්ත්‍රාත්වරයා ලෙස එවකට කටයුතු කළ දැනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් තවදුරටත් රිමාන්ඞ් භාරයට පත් කළේය.

එම අවස්ථාවේදී ඥාණසාර හිමියන් අධිකරණයට පැමිණ අපහාස වන අන්දමින් බැණ වැදී තිබුණි.

පසුව උන්වහන්සේ අධිකරණය තුළ සිටි මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳටද මරණීය තර්ජන එල්ල කර තිබූ අතර, ඇය මේ පිළිබඳව හෝමාගම පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කළාය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“ඉදිරි පරම්පරාවන්ට සාමය හා සහජීවනයේ වටිනාකම නොඅඩුව දායාදකිරීම යුද්ධ හමුදාවේ ප්‍රමුඛ වගකීමයි”-යුද්ධ හමුදාපති

Mohamed Dilsad

ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික් අයිතිවාසිකම් පෙත්සම් විභාගය ඇරඹේ

Mohamed Dilsad

TNA නියෝජිතයින් සහ ජනාධිපති අතර හමුවක්(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment