ප්‍රමුඛ පුවත 1

“ඉදිරි පරම්පරාවන්ට සාමය හා සහජීවනයේ වටිනාකම නොඅඩුව දායාදකිරීම යුද්ධ හමුදාවේ ප්‍රමුඛ වගකීමයි”-යුද්ධ හමුදාපති

(UTV| කොළඹ) – දේශයේ ආරක්‍ෂකයා ලෙසින් අද්විතීය ජයග්‍රහණයන් රැසක් අත්පත් කරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඉතාදුෂ්කරතා මධ්‍යයේ කැපකිරීමෙන් යුක්තව අත්පත් කරගත් සාමය සහ ජාතික ආරක්‍ෂාව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය ඕනෑම කාර්යයක් ඉටු කිරීමට මෙන්ම මාතෘ භූමියේ ඇතිවියහැකි ඕනෑම කැරලිකාරී තත්ත්වයක් මඟහරවා ගනීමින් ජාතියේ ආරක්‍ෂාව තිරසාරව පවත්වාගෙන යාම සඳහා ඉතා සුදානමින් යුක්තව ක්‍රියා කරන බවත් 69 වන යුද්ධ හමුදා දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් නිකුත් කරන ලද පණිවිඩයේ සඳහන් කර ඇත.

“ආනාගත පරම්පරාවන්ට සාමය හා සහජීවනයේ වටිනාකම නොඅඩුව දායාදකිරීම යුද්ධ හමුදාවේ ප්‍රමුඛ වගකීමයි. අද වනවිට මුළුමහත් ශ්‍රී ලාංකේය ජනතාවම සහෝදරත්වයෙන් හා සංහිඳියාවෙන් යුතුව ඉතාමත් සාමකාමී පරිසරයක් තුළ ජිවිකාව පවත්වාගෙන යනු ලබයි. රටෙහි ජාතික සංවර්ධන ක්‍රියාවලිය වෙත තවදුරටත් සෘජු දායකත්වය ලබාදෙමින්, රටේ ආර්ථික, සමාජයීය හා සංස්කෘතිකමය වටිනාකම් සුරක්‍ෂිත කොට කිසිදු ජාති, කුල, වර්ග භේදයකින් තොරව ජාතීන් අතර සංහඳියාව වර්ධනය කිරීම උදෙසා තව තවත් ඇප කැප වී කටයුතු කිරීමට අප අදිටන් කරගත යුතුය. මෙම සාමකාමී වාතාවරණය මානුෂීය මෙහෙයුම් සඳහා ක්‍රියාශීලිව සහභාගි වූ රණවිරුවන් විසින් ගෙන එනු ලැබුවකි. තවද ‘උපායශීලී කෝප්‍රල්වරයාගේ’ (Strategic Corporal) සංකල්පයට අනුව යමින් පුද්ගලයින් හා කණ්ඩායම්වල ඉහල චිත්ත ධෛර්යකින් යුක්තව ඵලදායිතාව තව තවත් ශක්තිමත් කිරීමේ අභිලාෂයද ඉදිරි කාල පරිච්ඡේදය තුල සාර්ථකව ක්‍රියාත්මක කළ යුතුව ඇති බවත්” යුද්ධ හමුදාධිපතිතුමන් අවධාරණය කරනු ලබයි.

69 වන යුද්ධ හමුදා දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් නිකුත් කරන ලද පණිවිඩය

 

Related posts

ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

පක්ෂ නායකයන්ට අද කථානායකගෙන් කැඳවීමක්

Mohamed Dilsad

රුපියල් විසිපන්දහසේ රථවාහන දඩයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment