ප්‍රමුඛ පුවත 1

අගමැතිට එරෙහි විශ්වාසභංගය අද භාර දෙන ලකුණු

(UTV| කොළඹ) – අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (21) දිනයේදී කථානායකවරයා වෙත භාරදීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 49 දෙනෙකු මේ වනවිට එම විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා ඇත.තවත් මන්ත්‍රීවරු දෙදෙනෙක් අද(21) අත්සන් තැබීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයෙකු පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අත්සන් කිරීම සඳහා ඊයේ(20) එම පෙත්සම භාර දී තිබුණි.

අද දිනයේ එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගැනීමේ කටයුතු  සිදුකරන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ සඳහන් කළේය.

බැඳුම්කර වංචාව සිදුකිරීමේ කූට අරමුණින් මහ බැංකුව තමන් යටතට පවරා ගැනීම, මෙරට පුරවැසියෙකු නොවූ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති ධුරයට පත් කිරීම, බැඳුම්කර වංචාවට පැහැදිලි ලෙසම සම්බන්ධ වීම සහ බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින් ආරක්ෂා කිරීමට උත්සාහ කිරීම මෙන්ම ඒ සම්බන්ධයෙන් කෝප් කමිටුවේ විමර්ශන සිදුවන අතරවාරයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු එම කමිටුවෙන් ඉවත් කර නව සාමාජිකයෙකු පත් කිරීම ඇතුළු කරුණු මෙම විශ්වාසභංග යෝජනාවේ අඩංගුවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය වර්ජනයෙන් තැපැල් ප්‍රමාදයි

Mohamed Dilsad

වැස්සේ අඩු වීමක්

Mohamed Dilsad

අද කොළඹට එන ‘ජනමහිමය’

Mohamed Dilsad

Leave a Comment