ප්‍රමුඛ පුවත 1

රෝසි සේනානායක කොළඹ ප්‍රථම පුරපතිනිය ලෙස දිවුරුම් දෙයි

(UTV| කොළඹ) – හිටපු අමාත්‍යවරියක මෙන්ම විශ්ව රූ රැජිනක ලෙස අභිෂේකයට පත් රෝසි සේනානායක මහත්මිය කොළඹ මහනගර සභාවේ ප්‍රථම නගරාධිපතිනිය ලෙස පත් වූවාය.

නගරාධිපතිනියක ලෙස ඊයේ (19) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය. කොළඹ මහනගර සභාවට තේරී පත් වූ සෙසු මන්ත්‍රීවරුන් ද අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ දී  අරලියගහ මන්දිරයේ දී දිවුරුම් දීම සිදු කළේ ය.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහනගරසභාව ජයගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් වූ අතර කොළඹ නගරාධිපති ධූරය රෝසි සේනානායක මහත්මිය වෙත ලබාදීමට තීරණය කර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සමාජ මාධ්‍ය වල නිකුත්වූ ප්‍රචාර 90 අධික ප්‍රමාණයක් විමර්ශන සඳහා CIDට

Mohamed Dilsad

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ දෙවැනි විදුලි ජනන යන්ත්‍රය යතා තත්ත්වයට

Mohamed Dilsad

රංගන ශිල්පී රයන් වැන්රූයන් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment