ප්‍රමුඛ පුවත 1

රෝසි සේනානායක කොළඹ ප්‍රථම පුරපතිනිය ලෙස දිවුරුම් දෙයි

(UTV| කොළඹ) – හිටපු අමාත්‍යවරියක මෙන්ම විශ්ව රූ රැජිනක ලෙස අභිෂේකයට පත් රෝසි සේනානායක මහත්මිය කොළඹ මහනගර සභාවේ ප්‍රථම නගරාධිපතිනිය ලෙස පත් වූවාය.

නගරාධිපතිනියක ලෙස ඊයේ (19) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය. කොළඹ මහනගර සභාවට තේරී පත් වූ සෙසු මන්ත්‍රීවරුන් ද අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ දී  අරලියගහ මන්දිරයේ දී දිවුරුම් දීම සිදු කළේ ය.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහනගරසභාව ජයගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් වූ අතර කොළඹ නගරාධිපති ධූරය රෝසි සේනානායක මහත්මිය වෙත ලබාදීමට තීරණය කර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වව්නියාව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වේ

Mohamed Dilsad

සරසවි නේවාසිකාගාර ගැටලුවට කඩිනමින් විසදුම් -ඇමති කිරිඇල්ල

Mohamed Dilsad

මහින්දානන්දට ඇප

Mohamed Dilsad

Leave a Comment