ප්‍රමුඛ පුවත 1

පුටින් හතරවන වරටත් රුසියානු ජනාධිපති ධුරයට

(UTV| කොළඹ) – රුසියානු ජනාධිපතිවරණයෙන් බහුතර බලයක් හිමිකරගනිමින් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හතරවන වරටත් එම ධුරය සඳහා යළි පත් වෙයි.

ඊයේ (18) පැවති රුසියානු ජනාධිපතිවරණයෙන් ජනපති පුටින් ලබාගත් ඡන්ද ප්‍රතිශතය සියයට 76 කි.

පුටින්ගේ ප්‍රතිවාදියෙකු වූ පවෙල් ග්රූනින්ට ලබාගැනීමට හැකිවූයේ සියයට 12 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

මෙවර ජනාධිපතිවරණයේදී  යම් මට්ටමකින් හෝ ජනපති පුටින්ට තරඟයක් ලබාදිය හැකි බවට මත පළවුණු ප්‍රතිවාදියෙකු වූ ඇලෙක්සි නවාල්නිට දූෂණ චෝදනා මත මැතිවරණයට ඉදිරිපත් වීමට හැකියාව ලැබුණි.

ඊයේ (18) පැවති ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමත් සමග ඉදිරි වසර 06 සඳහාද රුසියාවේ පාලන බලය මෙහෙයවීම වත්මන් ජනපති ව්ලැදිමීර් පුටින්ට හිමිවනව වේ.

2000 වසරේ සිට රුසියාවේ ජනාධිපතිවරයා ලෙස එරට මෙහෙයවනු ලැබුවේ ව්ලැදිමීර් පුටින් විසිනි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

යතුරුපැදි අනතුරකින් විදේශිකයෙකු ඇතුළු දෙදෙනෙක් මරුට

Mohamed Dilsad

ජනපති නේපාලය බලා පිටත් වෙයි

Mohamed Dilsad

එජාපයේ අවසන් තීන්දුව අද

Mohamed Dilsad

Leave a Comment