ප්‍රමුඛ පුවත 1

යතුරුපැදි අනතුරකින් විදේශිකයෙකු ඇතුළු දෙදෙනෙක් මරුට

(උදයම්,අම්පාර)  –  අක්කරපත්තුව ප්‍රදේශයේ සිදුවු යතුරුපැදි අනතුරකින් ඉන්දීය ජාතිකයෙකු ඇතුළු පුද්ගලයෝ දෙදෙනෙක් මිය යති.

ඊයේ පස්වරුවේ අක්කරපත්තුව පොතුවිල් මාර්ගයේ පොතුවිල් දෙස සිට අක්කරපත්තුව දෙසට ධාවනය වු යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව තාප්පයක ගැටී තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබු පැදිකරු සහ පසුපැදිකරු අක්කරපත්තුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ 45 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු සහ 24 හැවිරිදි තරුණයෙකි.

අනතුර සම්බන්ධයෙන් අක්කරපත්තුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.‍

Related posts

ජනතාව සම්බන්ධීරණ කටයුතු අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා අංශය හරහා [VIDEO]

Mohamed Dilsad

NTJ මුදාගැනීම සඳහා අල්ලස් දීමට තැත් කළ සැකකරුට ඇප

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද පස්වරුවේදී

Mohamed Dilsad

Leave a Comment