ප්‍රමුඛ පුවත 1

කසුන් සහ බිරිඳ යළි රක්ෂිත බන්ධනාගාරයට

(UTV| කොළඹ) – පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

ඔවුන් අද (13) පෙරවරුවේ කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

බස් රථ රියදුරාට පහර දෙන අවස්ථාවේදී ඔවුන් සතුව තිබූ ගිනි අවියෙහි බලපත්‍රය ඉකුත් වී ඇති බවට ද හෙළිවී ඇත.

පසුගිය සිකුරාදා බත්තරමුල්ල – කොස්වත්ත ප්‍රදේශයේදී අදාළ මන්ත්‍රීවරයා සහ ඔහුගේ බිරිඳ ගිනිඅවියක් ද අතැතිව බස් රථ රියදුරාට පහරදෙන ආකාරය පුද්ගලයෙකු ජංගම දුරකථනයකින් පටිගත කර තිබූණි.

ඔවුන් පසුගිය සෙනසුරාදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (13) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වෙන්නප්පුවේ මහල් ගොඩනැගිල්ලක ගින්නක්

Mohamed Dilsad

ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය මුල්‍ය අර්බුධයක..

Mohamed Dilsad

වන අලි පාලනයට නව නිලධාරීන් 400 ක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment