ක්‍රීඩා

ඉන්දියාවට කදුළු 6 ක ජයක්

 (UTV| කොළඹ) – කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ  පැවති නිදහස් කුසලාන 20 යි 20 තුන්කොන් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට ඉන්දියාව සමත්වුණි.
තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 139 ක් ලබාගත්තේය.ලිටන් ඩාස් 34 යි. සබීර් රහ්මන් ලකුණු 32 යි.
පන්දු යැවීමේදී ජාදෙව් උනාද්කත් කඩුලු 3 ක් සහ විජේ ශන්කර් කඩුලු 2 ක් බිඳහෙලුවේය.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන්  ඉන්දියාව පන්දුවාර 18යි පන්දු 4ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.
ශිකර් ධවාන් ලකුණු 55 යි.සුරේශ් රයිනා ලකුණු 28 ක් ලබාගත්තේය.
මනිෂ් පාන්ඩේ නොදැවී ලකුණු 27 යි.
නිදහස් කුසලාන තුන්කොන් 20 යි 20 තරගාවලියේ මීළග තරගය ලබන සෙනසුරාදා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය කල් යයි

Mohamed Dilsad

ලොව ජනප‍්‍රියතම ක‍්‍රීඩකයින් සිය දෙනා ප්‍රකාශයට පත් වෙයි

Mohamed Dilsad

ලොව වේගවත්ම මිනිසා ඉතාලියෙන්

Mohamed Dilsad

Leave a Comment