ක්‍රීඩා

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය කල් යයි

(UTV | කොළඹ) – ලබන ජූනි මාසයට යෙදී තිබූ දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ මෙරටදී පැවැත්වීමට නියමිතව තිබූ එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය කල් දමා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ පවතින කොවිඩ් 19 ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

දෙරටෙහි ක්‍රිකට් ආයතන විසින් මෙම ඒකාබද්ධ තීරණය ගෙන ඇති බවත් මෙම තරගාවලි නැවත පැවැත්වෙන දිනයන් ඉදිරියේදී දැනුම් දීමට නියමිත බවත් ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

එක්දින තරග 3 කට සහ පන්දුවාර විස්සයි විස්ස තරග 3 කට සහභාගීවීම සඳහායි දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම ලබන ජූනි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණි.

Related posts

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කඩුලු 7ක ජයක්

Mohamed Dilsad

‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්’ අදින් ඇරඹේ

Mohamed Dilsad

මාලිංගට ක්‍රීඩාව වෙනුවෙන් මාස 6 ක කාළයක් පරිවාස කාළයක්

Mohamed Dilsad

Leave a Comment