ප්‍රමුඛ පුවත 1

අගමැතිට එරෙහිව විශ්වාසභංගය අද එයිද?

(UTV-කොළඹ) – අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අද(06) අවසන් තීරණයකට එළඹෙන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී ඒ පිළිබඳව එකඟතාවකට පැමිණීමට බලාපොරොත්තු වන බවයි.
අග්‍රමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ.
ඒ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ පැවත්වුණි.
මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය අද පෙරවරු 10.00ට රැස්වන පාර්ලිමේන්තු කණ්ඩායමේ දී තීරණය කිරීමට එහිදී එකඟතාව පළවු බව බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මේ අතර අග්‍රමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වන විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂය පවසයි.
අග්‍රමාත්‍යවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට සහය පල කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]\

Related posts

පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 3ක්

Mohamed Dilsad

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

එජාපෙ පක්ෂ නායක රැස්වීම අද [VIDEO]

Mohamed Dilsad

Leave a Comment