ප්‍රමුඛ පුවත 1

‘රට නොබෙදා බලය බෙදීමේ වැඩපිළිවෙලට සියල්ලන්ගේ සහය’ අගමැති කියයි

(උදයම්,කොළඹ)  – ඒකීය රටක් තුළ රට නොබෙදා බලය බෙදීමේ වැඩපිළිවෙල සඳහා සියලු දෙනාගේ සහයෝගය හිමිව ඇති බව අග්‍රමාත්‍යවරයා පවසයි.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ ජනවර්ග අතර සංහිඳියාව ඇති කිරීම උදෙසා බලය බෙදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු බවය.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ මරදාන සුදුවැල්ල ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකෙරුණු බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
“ජාතික සංහිඳියාව ඇති කිරීමේදී රට නොබෙදා බලය බෙදන්නේ කෙසේද යන්න කල්පනා කළ යුතුයි. ඒ වගේම ඒකීය භාවය ශක්තිමත් කිරීම සඳහා බලය බෙදාහැර එක් එක් ප්‍රදේශවල සිටින ජනතාවට තමන්ගේ වැඩකටයුතු සිදු කිරීමට හා තමන්ගේ ආගම ඇදහීමට අවස්ථාව ලබා දිය යුතුයි.පළාත් සභා බලතල වැඩිකිරීම පිළිබඳ සංශෝධන උතුරේ මහ ඇමැතිවරයා පමණක් නොව දකුණේ මහ ඇමැතිවරුන් ද යෝජනා ඉදිරිපත් කර තිබුණා.ඒ හරහා කිසිවෙකු රට බෙදන්න යැයි  පවසන්නේ නෑ.සෑම ජාතියක්ම, සෑම ජනකොටසක්ම එක්සත් වී ඒකීය ශ්‍රී ලංකාවක් හා ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ඇති කළ යුතු බව හා ඒ සඳහා ආගමික සංහිඳියාව පමණක් නොව විවිධ ජන කොටස් අතර තිබෙන ආගමික සංහිඳියාව ද වැදගත් වෙනවා ” යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

ඝණ පූර්ණය නොමැතිව පාර්ලිමේන්තුව කල් යයි

Mohamed Dilsad

සී.වී. විග්නේෂ්වරන්ට එරෙහි පැමිණිල්ල 21 වනදා කැඳවයි..

Mohamed Dilsad

දළදා මාලිගාවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්.

Mohamed Dilsad

Leave a Comment