ප්‍රමුඛ පුවත 1

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පියවි ඇසින් දැකගැනීමේ අවස්ථාව

(UTV |කොළඹ) – ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පියවි ඇසින් දැකගැනීමේ අවස්ථාව අද (14) ශ්‍රී ලාංකිකයින්ට උදාවූ බව එම මධ්‍යස්ථානය පවසයි.

පැහැදිලි අහසක් තිබේ නම් අද(14)  පස්වරු 6.46ට පමණ ශ්‍රී ලංකාවේ සෑම ප‍්‍රදේශයකටම එය දිස්වන බව එම මධ්‍යස්ථානය නිවේදනය කරයි.

පෘථිවියේ පහළ කක්ෂයේ ස්ථාපිත කර ඇති විශාලතම වස්තුව වන ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පෘථිවියේ සිට කිලෝමීටර 408 ක් ඉහළින් පිහිටා තිබේ.

වසර 1998දී ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ස්ථාපිත කළ අතර වරකට විද්‍යාඥයින් 6 දෙනෙකුට එහි පරීක්ෂණවල නිරත වේ.

මීට පෙර 2017 වසරේදීද ශ්‍රී ලාංකිකයින්ට මෙලෙස  ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පියවි ඇසින් දැකගැනීමේ අවස්ථාව උදා විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් වැඩ වර්ජනයක

Mohamed Dilsad

තැපැල් ඡන්ද සහතික කිරීම ආරම්භ වෙයි [VIDEO]

Mohamed Dilsad

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment