ප්‍රමුඛ පුවත 1

අතුරුදන්වූ මෑන් පවර් සේවක සංගමයේ උප සභාපති සොයාගනී

(උදයම් ,ඉංගිරිය) – කොළඹ කොටුවේ සත්‍යග්‍රහයක නිරතව සිටියදී අතුරුදන් වූ මෑන් පවර් සේවක සංගමයේ උප සභාපති එම්.එස්. මංගල අද අලුයම හමුවූ බව පොලිසිය පවසයි.

වෑන් රථයකින් රැගෙනවිත් තමන් ඉංගිරිය ප්‍රදේශයේ දමා ගිය බවට ඔහු ප්‍රකාශයක් සිදුකර ඇති බව
ඉංගිරිය පොලීසියේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.

මේ වන විට ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා පිළියන්දල පොලීසිය වෙත භාර දී ඇත.

පසුගිය සෙනසුරාදා කොටුවේ සත්‍යග්‍රහය අතරතුර නිවසට පැමිණෙන බව පැවසූ සිය සැමියා අතුරුදන්ව ඇති බවට බිරිද විසින් පිළියන්දල පොලීසියට පැමිණිලි කර තිබුණි.

Related posts

මාකදුරේ මධුෂ් අත්අඩංගුවට ?

Mohamed Dilsad

හඳුනා නොගත් මළසිරුරක් සොයා ගැනේ

Mohamed Dilsad

ජනාධිපතිවරණයේදි කල්පනා කර බලා තීන්දුවක් ගත යුතුයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment