ප්‍රමුඛ පුවත 1

අතුරුදන්වූ මෑන් පවර් සේවක සංගමයේ උප සභාපති සොයාගනී

(උදයම් ,ඉංගිරිය) – කොළඹ කොටුවේ සත්‍යග්‍රහයක නිරතව සිටියදී අතුරුදන් වූ මෑන් පවර් සේවක සංගමයේ උප සභාපති එම්.එස්. මංගල අද අලුයම හමුවූ බව පොලිසිය පවසයි.

වෑන් රථයකින් රැගෙනවිත් තමන් ඉංගිරිය ප්‍රදේශයේ දමා ගිය බවට ඔහු ප්‍රකාශයක් සිදුකර ඇති බව
ඉංගිරිය පොලීසියේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.

මේ වන විට ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා පිළියන්දල පොලීසිය වෙත භාර දී ඇත.

පසුගිය සෙනසුරාදා කොටුවේ සත්‍යග්‍රහය අතරතුර නිවසට පැමිණෙන බව පැවසූ සිය සැමියා අතුරුදන්ව ඇති බවට බිරිද විසින් පිළියන්දල පොලීසියට පැමිණිලි කර තිබුණි.

Related posts

විදේශීය කතක් මත් ගුලි සමඟ අත්අඩංගුවට

Mohamed Dilsad

මාතෘ හා ළමා සායන ගොඩනැගිලි 02 ක් මතුගම ඉදිකෙරේ.

Mohamed Dilsad

විපතට පත් මව ගුවනේදී බිහි කළ දරුවා මිය යයි

Mohamed Dilsad

Leave a Comment