විදෙස්

ඉතාලි පාර්ලිමේන්තු මැතිවරණය උණුසුම්

(UTV| ඉතාලිය) –  මෙවර පැවැත්වෙන ඉතාලි පාර්ලිමේන්තු මැතිවරණය වඩා උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බව වාර්තාවේ.

ඉතාලියේ සරණාගත ප්‍රශ්නය,ආර්ථික ගැටළු ආදීය සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති කල මැතිවරණ ව්‍යාපාරයකින් පසු පසිගිය 03 වනදා ඉතාලියේ මහ මැතිවරණය ආරම්භ විය.

මෙවර මැතිවරණයෙන් කවරෙකු ජයග්‍රහණය කරයිද යන්න පවා කිව නොහැකි තරමට තරඟකාරීත්වයක් පවතින බව වාර්තාවේ.

හිටපු අග්‍රාමාත්‍ය සිල්වියෝ බර්ලුස්කෝනිගේ  ක්ෂිනාංශික සන්ධානය පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක්  ගැනීමට සැලසුම් කර ඇති බවද විදෙස් වාර්තා වල දැක්වේ.

 

වත්මන් පාලක පක්ෂය වන ඩිමොක්‍රටික් පක්‍ෂය සහ ෆයිව් ස්ටාර් ව්‍යාපාරයද ඔවුන් ජයග්‍රහණය කරන බව පවසයි.

ප්‍රතිඵල නිකුත් වනතුරු කිසිවක් ප්‍රකාශ කල නොහැකි බව දේශපාලන විචාරකයෝ පවසති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

එංගලන්තයේ ඇරඹුණු ටුක් ටුක් සේවාවක්

Mohamed Dilsad

ඇමෙරිකාවේ පාසැලක වෙඩි තැබීමක් 3ක් මරුට

Mohamed Dilsad

අමරිකානු ජනපති ආසියාවේ සංචාරයකට සූදානම්

Mohamed Dilsad

Leave a Comment