ප්‍රමුඛ පුවත 1

69 වන නිදහස් දින සැමරුමට සියල්ල සුදානම්

(උදයම්,කොළඹ) – මෙවර 69 වන ජාතික දින සැමරුමේ  තේමාව ජාතික නිදහස ලෙස නම් කර ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා පවසයි.
අද රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.
ඒ අනුව ජාතික සමගිය ඇති වන ලෙස දිස්ත‍්‍රික්ක 25 න් දිස්ත‍්‍රික්ක 22 ක සහ කොළඹ නිදහස් දින සැමරුම් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
එහි ප‍්‍රධාන උත්සවය කොළඹ ගාලුමෝදර පිටියේ දී ලබන 4 වන දා උදෑසන 8 ට ආරම්භ කිරීමට නියමිතයි.
නිදහස් උත්සවය පිළිබඳ සියළුම රාජ්‍ය දෙපාර්තමේන්තු, ආයතන, සංස්ථා හා පෞද්ගලික අංශයට දැනුවත් කර ඇති අතර ජාතික සමගිය ඇති වන පරිදි ජාතික කොඩිය ප‍්‍රදර්ශනය කර ජාතික දිනය සැමරීමට කටයුතු  සංවිධානය කරන ලෙස චක‍්‍රලේඛනයක් මඟින් දැනුම් දී ඇතැයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ ය.

Related posts

තද සුළඟින් වවුනියාවේ නිවාස කිහිපයකට හානි

Mohamed Dilsad

රත්‍රන් බිස්කට් තොගයක් සමඟ ආගමන නිලධාරියෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ජාතික රණවිරු සැමරුම අදයි.සාමයේ පහනක් දල්වන ලෙස ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment