ප්‍රමුඛ පුවත 1

69 වන නිදහස් දින සැමරුමට සියල්ල සුදානම්

(උදයම්,කොළඹ) – මෙවර 69 වන ජාතික දින සැමරුමේ  තේමාව ජාතික නිදහස ලෙස නම් කර ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා පවසයි.
අද රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.
ඒ අනුව ජාතික සමගිය ඇති වන ලෙස දිස්ත‍්‍රික්ක 25 න් දිස්ත‍්‍රික්ක 22 ක සහ කොළඹ නිදහස් දින සැමරුම් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
එහි ප‍්‍රධාන උත්සවය කොළඹ ගාලුමෝදර පිටියේ දී ලබන 4 වන දා උදෑසන 8 ට ආරම්භ කිරීමට නියමිතයි.
නිදහස් උත්සවය පිළිබඳ සියළුම රාජ්‍ය දෙපාර්තමේන්තු, ආයතන, සංස්ථා හා පෞද්ගලික අංශයට දැනුවත් කර ඇති අතර ජාතික සමගිය ඇති වන පරිදි ජාතික කොඩිය ප‍්‍රදර්ශනය කර ජාතික දිනය සැමරීමට කටයුතු  සංවිධානය කරන ලෙස චක‍්‍රලේඛනයක් මඟින් දැනුම් දී ඇතැයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ ය.

Related posts

ගැසට් නිවේදනය නොතකා දුම්රිය සේවකයින් වර්ජනයේ

Mohamed Dilsad

තැපැල් ඡන්දයට දින නියම කෙරේ

Mohamed Dilsad

බන්ධනාගාර වලට අද සිට STF ආරක්‍ෂාව

Mohamed Dilsad

Leave a Comment