ප්‍රමුඛ පුවත 1

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ නඩු තීන්දුව අද

(උදයම්,කොළඹ) –  මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අදාළ නඩු තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුවියක් විසින් තමන්ට වෛද්‍ය සභාවේ වෛද්‍යවරයෙකු ලෙස ලියාපදිංචියට අවසර ලබාදෙන ලෙස ඉල්ලා අදාළ පෙත්සම අභියාචනාධිකරණ හමුවේ ගොනු කර තිබුණි.

මෙහි වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඇතුළු පුද්ගලයින් 17 දෙනෙකු නම් කර තිබේ.

මේ අතර මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් ඊයේ දිනයේ ද මොරටුව විශ්වවිද්‍යාල සිසුහු පිරිසක් විරෝධතා පා ගමනක නිරත වුහ.
මීට අමතරව පසුගිය දින කිහිපය තුළ දී ද විශ්වවිද්‍යාල සිසුන් කොළඹට පැමිණ විරෝධතා පැවැත්වූ අතර ඊට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනු ලැබීය.

Related posts

පළාත් කිහිපයකට අදත් තද වැසි

Mohamed Dilsad

පාර්ලිමේන්තු ගැටුමට අදාල වාර්තාව සභාගත කිරීම කල් යයි…

Mohamed Dilsad

මාර්ග ව්‍යාපෘති 200ක් ජනතා අයිතියට පත්කිරීම මාර්තු 17 දා අගමැති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment