ප්‍රමුඛ පුවත 1

ආයුර්වේදය ශක්තිමත් කෙරෙන නව දේශීය වෛද්‍ය සභා පනතක්

(UTV| කොළඹ) – ආයුර්වේද වෛද්‍ය සභාවේ කටයුතු විධිමත් කිරීමේ අරමුණින් නව දේශීය වෛද්‍ය සභා පනතක් සකස් කිරීමට පියවර ගැනේ.

වර්තමානයේ දේශීය වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලාංකිකයන් මෙන් ම විදේශිකයන් අතර ද ප්‍රචලිතව පවතින අතර කාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස ආයුර්වේද වෛද්‍ය සභාවේ කාර්යයන් පුළුල් කිරීම යෝග්‍ය බවට රජය
හඳුනාගෙන ඇත.

ආයුර්වේද පනත යටතේ පිහිටුවන ලද ආයුර්වේද වෛද්‍ය සභාව විසින් වර්තමානයේ දී දේශීය වෛද්‍ය ක්‍රමය තුළ සේවයේ යෙදෙන වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීම, නියාමනය කිරීම, හා ඔවුන්ගේ ආචාර ධර්ම සම්බන්ධයෙන්
කටයුතු කිරීම සිදු කෙරේ.

ඒ අනුව ආයුර්වේද වෛද්‍ය සභාවේ කටයුතු විධිමත් කිරීමේ අරමුණින් පනතක් සකස් කිරීම පිණිස සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අමාත්‍ය මණ්ඩල යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා අනුමැතිය ලැබී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නවීන ගිලන් රථ 138 ක් රෝහල්වලට බෙදාදීමේ වැඩපිළිවෙලක්…

Mohamed Dilsad

ඇමති රිෂාඩ් ක්වාලාලම්පූර් බලා පිටත් වෙයි

Mohamed Dilsad

ඹබර ප්‍රහාරයකින් දෙමාපියන් 50කට ආසන්න පිරිසක් රෝහල්ගත වේ.

Mohamed Dilsad

Leave a Comment