ප්‍රමුඛ පුවත 1

17දා කොළඹට පැය 24ක් වතුර කැපෙයි

(UTV| කොළඹ) – ලබන  17දා පෙරවරු 9.00 සිට පසුදින  (18) දා පෙරවරු 9.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව කොළඹ 1,2, 3, 4, 7, 8, 9, 10 සහ 11 යන ප්‍රදේශවලට සම්පූර්ණයෙන් ම ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 12 සහ 13 යන ප්‍රදේශවලට අඩු පීඩනයෙන් ජල සැපයුම සිදු කෙරෙනු ඇත.
අඹතලේ ජල පරිපහදු මධ්‍යස්ථානයේ සිට මාලිගාකන්ද දක්වා දිවෙන ප්‍රධාන ජල නල මාර්ගයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇතැයි එම කාලසීමාවට අවශ්‍ය තරම් ජලය රැස්කර තබාගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොළඹට අද පැය 15ක් ජලය කපයි

Mohamed Dilsad

දිමුත් කරුණාරත්න පොලිස් ඇප මත මුදා හරී

Mohamed Dilsad

ආසියානු ශාන්තිකර කලාපයීය සමුපාකාර සමුළුව අමාත්‍ය රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment