ප්‍රමුඛ පුවත 1

මසුන් මරන්න සී ෆෝ අලෙවි කළොත් බලාගෙනයි

(උදයම්,කොළඹ) – පුපුරණ ද්‍රව්‍ය යොදාගනිමින් මසුන් මැරීම සිදුකරන ධීවරයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා පමණක් නොව ඔවුන්ට ඒවා අලෙවි කරන පුද්ගලයින්ද ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා  පවසයි.

කන්තලේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ඒ අනුව ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා ද දැනුවත කරන බවද අමාත්‍යවරයා පැවසීය.

පසුගිය වසරේදී මෙලෙස මසුන් මැරීමට යොදාගැනීමට සුදානම් කර තිබු C 4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 8 කට ආසන්න ප්‍රමාණයක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

Related posts

තලාවේ බැංකුවක් කොල්ලකයි

Mohamed Dilsad

කසුන් පලිසේන – අර්ජුන් ඇලෝසියස් යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

පොහොට්ටුවට සහය දක්වන්නන් අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment