ප්‍රමුඛ පුවත 1

දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම්වරිය ඇතුළු නිලධාරීන් පිරිසකට කොළඹට කැඳවීමක්

(උදයම්,කොළඹ) –  නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් ප්‍රාදේශිය ලේකම්වරියට බැණ වැදිමේ සිද්ධිය පිළිබඳ සාකච්ඡා කිරිම හා සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා එම කැඳවිම සිදු කර ඇති බව වාර්තාවේ.
විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම්, දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම්වරිය ඇතුළු නිළධාරින් සහ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ නියෝජිතයන් පිරිසක් මෙම සාකච්ඡාව සඳහා  කැඳවා තිබේ.
අද පස්වරුවේ අමාත්‍යංශයේදී එම සාකච්ඡාව පැවැත්විමට නියමිතයි.
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ සියළු ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල නිළධාරින් අද උදෑසන සිට සංකේත වැඩ වර්ජනයක නිරත වී ඇත.
මාර්ගයේ එක් මංතීරුවක් අවහිර කරමින් ඔවුහු විරෝධතාවයේ යෙදි සිටින අතර නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට බැන වැදීමේ සිදුවීමට විරෝධය දක්වමින් ඔවුහු මෙම විරෝධතාව සංවිධානය කර තිබේ.
අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පල කිරිම එහි අරමුණ වන අතර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ගත යුතු බව ද නිළධාරින් පවසයි.
වර්ජනයට සමගාමිව අද ප්‍රදේශ කිහිපයක රජයේ නිළධාරින්ගේ සහභාගීත්වයෙන් උද්ඝෝෂණ ද සංවිධානය කර තිබුණි.
ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල සිදුවන මෙම වර්ජනය හේතුවෙන් රාජකාරි කටයුතු සිදු කර ගැනිම සඳහා පැමිණි බොහෝ පිරිසක් දුෂ්කරතාවට ලක්ව ඇති බව ද වාර්තා වෙයි.
 

Related posts

විපක්ෂ නායක සහ අගමැති අතර හමුවක්

Mohamed Dilsad

රාමඥ්ඥ මහා නිකායේ මහානායක හිමියන් හදිසියේම රෝහල් ගත කරයි…

Mohamed Dilsad

රටේ ආරක්‍ෂාව රැකිය යුත්තේ රජයයි – මහින්ද රාජපක්‍ෂ

Mohamed Dilsad

Leave a Comment