දේශීයප්‍රමුඛ පුවත 1

ලාංකික කාර්ය මණ්ඩලය සමග නැවක් වනුආටු රේගුව රඳවාගනී

(උදයම්, කොළඹ) – ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයක් රැගත් නෞකාවක් අනන්‍යතාවය තහවුරු කරගැනීමට නොහැකිව නවසීලන්තයට උතුරින් පිහිටි දූපතක් වන වනුආටු දිවයිනේ රේගුව විසින් රඳවාගෙන ඇතැයි නවසීලන්ත ගුවන්විදුලිය පවසයි.

නෞකා කාර්ය මණ්ඩලයේ 5 දෙනකු සහ එහි ප්‍රධානියා ජපානයේ සිට වනුආටු දිවයිනේ පෝර්ට්විලා වෙත පැමිණි බව ද සදහන්.

වනුආටු රේගුවේ වැඩ බලන කළමනාකරු බැඩ්ලි තාරි ප්‍රකාශ කර ඇත්තේ එම නෞකාව එහි නව හිමිකරුට ලබාදීමට ඔවුන් එසේ පැමිණි බවයි.

එම නෞකාව වසර 20ක් පමණ පැරණි බවත් ජේපීඕ කාවා එක්ස්පෝට් (JPO Kava Export) නමැති සමාගමේ හිමිකරු වන පෝල් ඔක්ටන් එම නැව මිලදී ගෙන ඇතැයි වනුආටු රේගුව කියයි.

Related posts

වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කෙරේ

Mohamed Dilsad

කදුරුවෙල ක්වාසි අධිකරණයේ විනිසුරුවරයා අත්අඩංගුවට

Editor O

කැබිනට් සංශෝධනයක් සඳහා කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment