දේශීයප්‍රමුඛ පුවත 1

ලාංකික කාර්ය මණ්ඩලය සමග නැවක් වනුආටු රේගුව රඳවාගනී

(උදයම්, කොළඹ) – ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයක් රැගත් නෞකාවක් අනන්‍යතාවය තහවුරු කරගැනීමට නොහැකිව නවසීලන්තයට උතුරින් පිහිටි දූපතක් වන වනුආටු දිවයිනේ රේගුව විසින් රඳවාගෙන ඇතැයි නවසීලන්ත ගුවන්විදුලිය පවසයි.

නෞකා කාර්ය මණ්ඩලයේ 5 දෙනකු සහ එහි ප්‍රධානියා ජපානයේ සිට වනුආටු දිවයිනේ පෝර්ට්විලා වෙත පැමිණි බව ද සදහන්.

වනුආටු රේගුවේ වැඩ බලන කළමනාකරු බැඩ්ලි තාරි ප්‍රකාශ කර ඇත්තේ එම නෞකාව එහි නව හිමිකරුට ලබාදීමට ඔවුන් එසේ පැමිණි බවයි.

එම නෞකාව වසර 20ක් පමණ පැරණි බවත් ජේපීඕ කාවා එක්ස්පෝට් (JPO Kava Export) නමැති සමාගමේ හිමිකරු වන පෝල් ඔක්ටන් එම නැව මිලදී ගෙන ඇතැයි වනුආටු රේගුව කියයි.

Related posts

කටුනායකදී පළා ගිය කොවිඩ් ආසාදිතයා අත්අඩංගුවට

Mohamed Dilsad

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

Editor O

තැපැල් ඡන්ද අයදුම්කරුවන් සඳහා මැතිවරණ කොමිෂමෙන් පණිවිඩයක්

Editor O

Leave a Comment