ප්‍රමුඛ පුවත 1

වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කෙරේ

(උදයම්,කොළඹ) – වැඩබලන පොලිස්පති ලෙස ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා පත් කෙරේ.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිල සංචාරයක් සඳහා විදෙස් ගතවීම හේතුවෙන් මෙලෙස වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කර තිබේ .

දකුණු ආසියාවේ හා අසල්වැසි රටවල් වල ප්‍රධාන පොලිස් නිලධාරීන් එක්ව පවත්වන මෙම සමුළුව බංගලාදේශයේ ඩකා නුවරදී අද (11) සිට  14 වනදා දක්වා පැවැත්වේ.ඊට පොලිස්පතිවරයා සහභාගී වනු ඇත.

තර්ජනාත්මක ප්‍රචණ්ඩ ක්‍රියා,  අන්තවාදය හා අන්තර්ජාතික අපරාධ මැඩලීම සම්බන්ධයෙන් කලාපීය සහයෝගීතාව වර්ධනය කරගැනීම මෙම සමුළුවේ අරමුණයි.

Related posts

බැකෝ යන්ත‍්‍ර වලින් මැණික් පතල් කැනීමට තහංචියක්

Mohamed Dilsad

තමා මේ රටේ ජනාධිපති ධුරයට පත්වූනේ ජනතාව ආරක්ෂා කිරීමටයි – ජනපති

Mohamed Dilsad

අගමැති වියදම් කැපිමේ යෝජනාව සම්මතයි – පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තැබේ

Mohamed Dilsad

Leave a Comment