ප්‍රමුඛ පුවත 1

වැසි අඩු වන ලකුණු

පවතින වැසි සහිත කාලගුණික තත්වය ඉදිරි දිනවලදී ක්‍රමයෙන් අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන් ලබන 31 වනදායින් පසු වැසි තත්වය අඩුවනු ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

උතුර, උතුරු මැද , නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

සෙසු ප්‍රදේශවල සවස 2 න් පසු වැසි හෝ ගිගුරුම්  සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් ද පවති.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Related posts

ඩෙංගු යළි හිස ඔසවයි

Mohamed Dilsad

සාධාරණයක් ඉල්ලා සරත් ෆොන්සේකා අධිකරණයට යාමට සුදානම්

Mohamed Dilsad

විදුලි පන්දමකින් පහරදී පුද්ගලයකු ඝාතනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment