විදෙස්

අධික සීතලෙන් ඉන්දීය සෙබලුන් 14 දෙනෙකු මරුට

(උදයම්,ඉන්දියාව)  – අධික හිම පතනය හේතුවෙන් ඉන්දීය කාශ්මීර් දේශ සීමාවේදී ඉන්දීය සොල්දාදුවන් 14 දෙනෙකු මිය ගෙස් ඇති බව ඉන්දීය බලධාරීහු පවසති.
මුර සංචාරයේ නිරතවී සිටි සොල්දාදුවන් හත්දෙනෙකුගේ සිරුරු පසුගිය බ්‍රහස්පතින්දා සොයා ගැනුණි.

ඊයේ උදෑසනද තවත් සිරුරු කිහිපයක් සොයාගත් බව ඉන්දීය වාර්තා සඳහන් කරයි.

හමුදා සෙබලුන් රැදී සිටි කදවුරක් හිමෙන් වැසී ගොස් තිබු අතර එහි තිබී සිරුරු තුනක් සොයා ගැනුණි.

සෑම වසරකම මෙම කාලයේදී අධික හිම පතනය නිසා ඉන්දීය,පාකිස්ථාන සෙබළු රැසක් ජීවිතක්ෂයට පත් වෙති.

පසුගිය වසරේදීද ඉන්දීය සෙබළුන් 10 දෙනෙකු මිගිය බව ඉන්දීය වාර්තා පෙන්වා දෙයි.

Related posts

ලොව මෙතෙක් සිදුකරනු ලැබූ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම

Mohamed Dilsad

තායිලන්තයේ කොවිඩ් දරුණු අතට

Mohamed Dilsad

ඉතියෝපියාවේ කසළ කන්දක් නායයෑමෙන් 48 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment