දේශීය

ජාඇළ, දඬුගම නීතිවිරෝධි මහා පරිමාණ ඉඩම් ගොඩකිරීම් ජනපති නියමයෙන් වහාම නවතා දැමීමට පියවර

(උදයම්, කොළඹ) – ජාඇළ, දඬුගම ප‍්‍රදේශයේ ස්ථාන දෙකකදී නීතිවිරෝධි අයුරින් මහා පරිමාණ ලෙස සිදු කෙරුණු ඉඩම් ගොඩකිරීම් දෙකක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි වහාම නවතා දැමීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබේ.

මෙම ඉඩම් ගොඩකිරීම් පිළිබඳ ප‍්‍රදේශවාසීන් විසින් පසුගියදා ජනාධිපතිතුමා වෙත කරන ලද පැමිණිල්ලක් අනුව අදාළ පාර්ශව සමග වහාම එම ස්ථානයට ගොස් විමර්ශන කටයුතු සිදුකරන ලෙස ජනාධිපතිතුමා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා වෙත උපදෙස් ලබාදෙනු ලැබීය.

ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිලධාරීන් ජාඇල පොලිසිය සමග අද එම ස්ථාන වෙත ගොස් විමර්ශන කටයුතු ආරම්භ කළ අතර ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි එම අනවසර ඉඩම් ගොඩකිරීම් වහාම නවතා දැමීමට පියවර ගන්නා ලදී.

මුතුරාජවෙළ කඩොලාන පාරිසරික පද්ධතියට හානි පමුණුවමින් විශාල භූමි භාගයක සිදු කෙරුණු මෙම අනවසර පහත් බිම් ගොඩකිරීම් සිදුකළ පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට නියමිතය.

පරිසරයට සහ ජෛව විවිධත්වයට හානිවන අයුරින් සිදුකෙරෙන මෙම අනවසර ඉඩම් ගොඩකිරීම්වලට එරෙහිව පවතින නීති රීති යටතේ උපරිම ද`ඩුවම් ලබාදීමට ජනාධිපතිතුමා මීට පෙර ද උපදෙස් ලබා දී තිබේ.

Related posts

සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර

Editor O

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමක් අද

Mohamed Dilsad

මුස්ලිම් කොංග්‍රසය නසීර් අහමඩ් නෙරපයි

Mohamed Dilsad

Leave a Comment