කලා

ප්‍රියංකාට ජාත්‍යාන්තර සම්මානයක්

(උදයම්,ඉන්දියාව) – බොලිවුඩ් සිනමාවේ කලක් ජනප්‍රිය සිනමා නිළියක බවට පත්ව සිටි ප්‍රියංකා චොප්රා මේ දිනවල හොලිවුඩ් සිනමාව තුළද ජනප්‍රියත්වයට පත්ව ඇත.

මේ අතර පසුගියදා පැවති People’s Choice Award 2017 සම්මාන උලෙළේදී ඇයට වසරේ හොඳම රූපවාහිනී ටෙලිනාට්‍ය නිළිය ලෙස සම්මාන දිනාගැනීමට හැකි විය.

ඒ ඇය මේ දිනවල රංගනයෙන් දායක වන ‘Quantico ටෙලිනාට්‍ය තුළ ඉදිරිපත් කරන රංගනය උදෙසායි.

ප්‍රියයංකාට ජාත්‍යන්තර සම්මානයක් හිමිවූ දෙවැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

ඊට පෙර ඇයට ගායිකාවක් ලෙස “බිල්බෝර්ඩ්” සම්මානයක් හිමිව තිබුණි.

මේ වන විට සිය අලුත්ම හොලිවුඩ් චිත්‍රපටය වන ‘බේවොච්’ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා ඇය දායකව සිටී. එහි ඩිවෝන් ජොන්සන් හා සැක් එෆ්රෝන් ඇය සමග රංගනයෙන් දායක වේ.

මෙය ප්‍රියංකාගේ පළමු හොලිවුඩ් සිනමා රංගනය වීම විශේෂත්වයකි.

Related posts

රන්මිණිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානයේ නව සභාපති

Mohamed Dilsad

‘භාරත්’ චිත්‍රපටය සිව් දිනකින් කෝටි 100ක් උපයයි.

Mohamed Dilsad

ලෝ ප්‍රකට සංගීතවේදී එල්ටන් ජෝන් ඉහළම ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි

Mohamed Dilsad

Leave a Comment