ප්‍රමුඛ පුවත 1

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

(UTV| කොළඹ) – විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (05) දිනයේ පැවැත්විමට නියමිතව තිබේ.

අද පෙරවරුවේ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම පක්ෂනායක රැස්වීම පැවැත්විමට නියමිතය.
මහ බැංකු බැඳුම්කර සහ බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසම් වාර්තා සම්බන්ධයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තුව විවාදය පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරිමට නියමිතව තිබේ.
අදාල විවාදය හෙට (06) දිනයේදී පැවැත්විමට මේ වන විට සැලසුම් කර ඇති අතර විවාදය පවත්වන දින ගණන වැඩි කරන්නේද යන්න පිළිබඳව  පක්ෂ නායක රැස්වීමේදී අවසන් එකඟතාවයකට පැමිණිමට නියමිතය.
විවාදයේදී එක් එක් පක්ෂ සඳහා ලබා දෙන කාලය පිළිබඳව ද  මෙම පක්ෂ නායක රැස්විමේදී අවධානය යොමු කිරිමට නියමිතව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණයට එරෙහි පෙත්සම් විභාගය අද දෙවන් දිනටත්

Mohamed Dilsad

නවක වදය ලබාදුන් විශ්වවිද්‍යාල සිසුන් 19 දෙනා යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

විදෙස් සංචාරය නිම කරමින් ජනපති දිවයිනට

Mohamed Dilsad

Leave a Comment