ප්‍රමුඛ පුවත 1

ලෝක තෙත් බිම් සැමරුම 2018 ජනපති ප‍්‍රධානත්වයෙන්

(UTV| කොළඹ) – 2018 ලෝක තෙත් බිම් දින සැමරුම් ජාතික වැඩසටහන ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (02) පෙරවරුවේ බත්තරමුල්ල, අපේගම පරිශ‍්‍රයේදී පැවැත්විණි.

සෑම වර්ෂයකම ලෝකයේ රැම්සාර් සම්මුතියට අත්සන් කරන ලද රටවල් පෙබරවාරි 02 වන දින ලෝක තෙත්බිම් දිනය සමරනු ලබයි. ශී‍්‍ර ලංකාවේ ද සෑම වසරකම පෙබරවාරි 02 වන දිනට යෙදෙන තෙත්බිම් දිනය උත්කර්ෂවත්ව සැමරේ.

තෙත්බිම්වලින් සිදුවන සේවාවන් හා ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම සඳහා වූ දායකත්වය මූලික කොටගෙන 1971 වර්ෂයේදී ඉරානයේ රැම්සාර් නගරයේදී රටවල් 60 ක පමණ සහභාගිත්වයෙන් පවත්වන ලද ජාත්‍යන්තර සමුළුවේදී තෙත්බිම් සංරක්ෂණ සම්මුතියට එළැඹුණ අතර එය තෙත්බිම් සංරක්ෂණය සඳහා වූ රැම්සාර් සම්මුතිය ලෙස හැඳින්වේ.

අද වන විට මෙම සම්මුතියට රටවල් 169 ක් පමණ අත්සන් තබා ඇති අතර, ශී‍්‍ර ලංකාව වර්ෂ 1990 දී ඊට අත්සන් තැබීය.

මධ්‍යම පරිසර අධිකාරිය හා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබූ මෙවර වැඩසටහන “තිරසර පුරවර උදෙසා තෙත්බිම් සුරකිමු” තේමාව යටතේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දේවක වීරකෝන් මහතා විසින් මෙහි විශේෂ දේශනය සිදුකරනු ලැබීය.

2018 ලෝක තෙත් බිම් සැමරුම් උත්සවයට සමගාමීව විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් සංවිධානය කරන ලද අන්තර් විශ්වවිද්‍යාලයීය ඡායාරූප තරගාවලියේ ජයග‍්‍රාහකයින්ට තිළිණ ප‍්‍රදානය කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

අමාත්‍ය පාඨලී චම්පික රණවක, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායක, තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යාංශයේ ලේකම් ඩග්ලස් නානායක්කාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ්‍රීලනිපය පොදුජන පෙරමුණ සමඟ තවත් ගිවිසුමකට එන්න සූදානම්

Mohamed Dilsad

කොළඹ බදුල්ල අතර දුම්රිය ධාවනයට බාධා(ඡායාරුප)

Mohamed Dilsad

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියගේ විදෙස් තහනම දීර්ඝ කෙරේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment