ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිපය පොදුජන පෙරමුණ සමඟ තවත් ගිවිසුමකට එන්න සූදානම්

(UTV |කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ගිවිසුමකට අත්සන් තැබීම ලබන 19 වැනිදා පෙරවරුවේ සිදුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

කොළඹ නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී මෙයට අත්සන් තැබෙන බව මහලේකම්වරයා සඳහන් කරයි.

එම පක්ෂ දෙක අතර අවබෝධතා ගිවිසුමට පසුගිය 10 වැනිදා අත්සන් තැබුණි.

පක්ෂ දෙක අතර තවත් ගිවිසුමකට ඉදිරියේ දී අත්සන් කරන බවද දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති  මාධ්‍ය හමුවක් අමතමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය සේවකයින් වර්ජනයක

Mohamed Dilsad

වාද්දූව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සුදානම්

Mohamed Dilsad

දේශීය අර්තාපල් ගොවියාට ඉහළම ආදායමක්

Mohamed Dilsad

Leave a Comment