ප්‍රමුඛ පුවත 1

තැපැල් ඡන්ද සළකුණු කිරීමේ දෙවන අදියර අද

(UTV|කොළඹ) – 2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද සළකුණු කිරීමේ දෙවන අදියර අද (25) ආරම්භ වේ.
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට අද සහ හෙට යන දෙදින තුළ තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා අවස්ථාව හිමිව ඇති බවය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද සළකුණු කිරීමේ පළමු අදියර පසුගිය 22 වන දින ක්‍රියාත්මක වූ අතර එහිදී මැතිවරණ කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා පොලිස් ස්ථාන වල තැපැල් ඡන්ද සළකුණු කිරීම සිදු කෙරිණි.
සෙසු රජයේ කාර්යාල, අධ්‍යාපන කාර්යාල, පාසල්, ලංගම ඩිපෝ, ආරක්ෂක හමුදා කඳවුරු හා වෙනත් ආයතන වල තැපැල් ඡන්දය සළකුණු කිරීම අද සහ හෙට යන දෙදින සිදුකිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කටාර් රාජ්යයේ 47 වන ජාතික දිනයට රිෂාඩ් බදියුදීන් මහතා එක්‌ වෙයි

Mohamed Dilsad

ග්‍රාම නිලධාරීන් සහ වනජීවී මාර්ගෝපදේශකයන් අද වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

Mohamed Dilsad

නව ව්‍යවස්ථාවට ඉදිරිපත් කර ඇති ඇතැම් කරුණු වලට එකඟ නෑ – අමැති රිෂාඩ්

Mohamed Dilsad

Leave a Comment