ප්‍රමුඛ පුවත 1

බස්නාහිර, දකුණ සහ සබරගමුවේ වසා දැමුණු පාසල් අද විවෘතයි

(උදයම්, කොළඹ) – අවතැන් කදවුරු පවත්වාගෙන යන පාසල් හැර පැවති ආපදා තත්ත්වය මත වසා දැමුණු බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත්වල පාසල් අද (05) යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

දකුණු පළාතේ අවතැන්වූවන් රැදී සිටින පාසල් 10ක් සහ හානියට ලක්වූ පාසල් 29ක් අද දිනයේ විවෘත නොකරන බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

එමෙන්ම, සබරගමුව පළාතේ අවතැන් කඳවුරු ලෙස පවතින පාසල් 15 ක් හැර පළාතේ සියලු පාසල් අද දිනයේ විවෘත කෙරෙනවා.

කෙසේ වෙතත්, අද දිනයේදී විවෘත නොකෙරෙන ඇලපාත, අයගම, නිවිතිගල සහ කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පාසල් 14 හෙට දිනයේ දී විවෘත කිරීමට නියමිතයි.

Related posts

ශී‍්‍ර නිදහස් පක්ෂයේ ඉදිරි ගමන කිසිවෙකුට ඇහිරිය නොහැකි බව ජනාධිපතිතුමා පවසයි.

Mohamed Dilsad

ප්‍රභාකරන් වෙනුවෙන් සැමරුම් පැවැත්වූ අය ගැන සොයන්න විමර්ශනයක්

Mohamed Dilsad

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

Mohamed Dilsad

Leave a Comment