ප්‍රමුඛ පුවත 1

LTTE ය විසින් වල දමා තිබූ රත්‍රන් සොයා පොලිසිය පරීක්ෂාවක

(UTV|මුලතිව්) – මුලතිව්,පුදුකුඩිඉරිප්පු,ශිවනගර් ප්‍රදේශයේ ගෙවත්තක ස්ථානයක් මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිස් නිලධාරීන් විසින් හාරා පරීක්ෂා කර තිබේ.

ඒ LTTE සංවිධානය අවසන් යුද සමයේ වල දමා තිබු රත්රන් හා ආයුධ පවතින බවට සැකයක් මතය.

ඊයේ(11) දිනයේ දී මෙය සිදු කර තිබේ.

මුලතිව් ශිවනගර් ප්‍රදේශයේ අදාළ ස්ථානයේ අනවසරයෙන් LTTEය විසින් වළදැමු රත්රන් සෙවීම සිදුකළ කාන්තාවක් ඇතුළු  14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පසුගිය 27වනදායි.

අදාළ සිදුවීමට අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ ස්ථානය පරීක්ෂා කරන ලෙසට මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලීසිය වෙත නියෝග කොට තිබිණි.

මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ ශිවනගර් ප්‍රදේශයේ ගෙවත්ත හැරීම ඊයේ(11) සිදුකළ අතර,එහිදි කිසිදු දෙයක් හමුනොවු බවද පොලීසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක ගුවන් විදුලි දිනය අදයි

Mohamed Dilsad

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ධූරයේ වැඩ භාරගනී [VIDEO]

Mohamed Dilsad

අගරදගුරුතුමන්ගෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment